තාම සතයක් වත් හොයා ගත්තේ නැද්ද?එහෙනම් මේක ක්‍රමය අනුගමනය කරන්න.

Mini Job යනු Mini Data entry Job වේ.මෙම job ඉතා පහසුවෙන් කළ හැකිය.මෙසේ අපි සාර්ථකව නිම කරන වැඩ වලට $0.10 සිට $4.00 දක්වා ඉපයිය හැක.මෙම වෙබ් අඩවි වලින් Facebook like කිරීම Blog post ලිවීම Google Ads Click කිරීම e-mail address සකස් කිරීම website වල register කිරීම වැනි සුළු job ලබාදේ.මෙම job විනාඩි 1 ත් 10 ත් අතර කාලයකදී නිම කළ හැකිය.Mini Job සිදුකර දිනකට එක් වෙබ් අඩවියකින් $2.50 - $ 5.00 ක් පමණ එනම් රුපියල් 250 - 500 ක් පමණ ඉපයිය හැක.
                                    දැනට මම ආයතන 2ක සේවය කරන අතර එම වෙබ් අඩවි දෙකෙන් කිහිපවාරයක් මුදල් ලබාගත්තෙමි.අන්තර්ජාලයේ මුදල් නොගෙවන ව්‍යාජ වෙබ් අඩවි බොහෝමයක් ඇති නිසා අප ලබා දෙන site වල පමණක් register වී වැඩ කරගෙන යන්න.

                                     Mini Job කිරීමේදී Blog Post ලිවීමට සිදුවේ.මෙම Post ලියන Blog එකට Domain එකක්(.com/.org/.net) ලබාගතහොත් වැඩි ආදායමක් ලබාගත හැක.තවද Google Adsense සදහා එම blog එකෙන්ම අයදුම් කළ හැක.



Fast2earn


මම දන්නා විදියටනම් මේක තමයි මිනි ජෝබ්ස්ජෝබ්ස් වල තියෙන හොඳම ජොබ් සයිට් එක....මේකේ රෙගිස්ටෙර් වෙලා ඔයාලත් ඒ ගෙන හිතල බලන්නකෝ...
මෙතනින් රෙජිස්ටර් වෙන්න

Tera Copy කොපි කිරීමේ නවතම පෙරළිකාරයා


                                 

මම අද ඔයාලට දෙන්න යන්නේ හොඳ කාලීන Software එකක්.මේක තියෙන්නේ File එහෙට මෙහෙට Copy කරන එක ලේසි වෙන්න.මේ Software එක Install කරලා ඉවර වෙලා ඔයා ඔයාගේ Hard Disk එකේ තියෙන එකක් Pen එකකට හරි නැත්නම් Pen එකක තියෙන එකක් Hard Disk එකට හරි Copy කරල බලන්න. එතකොට ඔයාට තේරෙයි File ඉක්මනට Copy වෙනවා වගේ.ඒ වගේම තමයි මේකේ තව විශේෂත්වයක් තියෙනවා. ඒක තමයි File එකක් Copy වෙවී තියෙද්දී Pause කරලා එක්කෝ වෙන වැඩක් කරන්න හරි නැත්නම් වෙන එකක් Copy කරන්න හරි පුළුවන්.ඒක හින්දා ඔයාලගේ වැඩ ලේසි කරගන්න ඔයාලත් මේ Software එක දාගන්න.

ෆේස්බුක් එක ඇත්තටම වහලා දායිද....?

                             මෙන්න අපේ අයට පිස්සු හැදීගෙන එනවා.සමහරුන්ට හැදිලා තිබුන පිස්සුව ඩබල් වෙලා.මේකට හෙතුව 2012 මාර්තු 15 වන විට ෆේස්බුක් වහනවා කියලා හැම තැනම ප්‍රචාරනය වීමත් සමග.සමහරු ෆේස්බුක් වෙනුවට තවත් පිස්සු කෙලින්න පොට් එකක් හොයනවා. කොහොම නමුත් කියන්න තියෙන්නේ මෙච්චරයි.භය වෙන්න දෙයක් නෑ.ෆේස්බුක් වසා දමන්නේ නැහැ.ෆේස්බුක් වසා දමනවා කියන කථාව බොරුවක්.මෙවැනි ඕපදූප කටකථා සීග්‍රගාමී නගරාන්තර දුම්රි වලටත් වඩා විදුලි වේගයෙන් ප්‍රචාරණය වනවා.

පසුගිය දා ප්‍රකාශයක් නිකුත් කරමින් ෆේස්බුක් සමාගම ප්‍රකාශ කලේ තමන් ලොකු ගැටලුවකට මුහුන දී ඇති බවයි.මේක තමා ඉඩ කඩ ප්‍රශ්නේ.වර්තමානය වන විට ෆේස්බුක් එකට දවසකට 9500 TB ක් දිනකට Upload වෙනවා.මෙසේ Upload වන දත්ත තබා ගැනීමේ ගැටලුවක් නිසා තමා අර වගේ කට කථාවක් ප්‍රචාරනය වී තිබෙන්නේ.දැනට ෆේස්බුක් වල  Server 30,000 ක් එකට යා කර තනා ගත් තනි සර්වරයකින් තමා ෆේස්බුක් ධාවනය වන්නේ.මෙම ඉඩකට සපුරා ගැනීමට නොහැකි වූ දිනක ෆේස්බුක් වැසී යාමට ඉඩ ඇත.

නමුත් මෙම ඉඩකඩ ප්‍රශ්නට පිලියම් කිහිපයක් ෆේස්බුක් සමාගම ඉදිරිපත් කළා.
1.එක දිගට දින 60 ක් තම profile එකට log නොවූ  අයගේ profile delete කිරීමට පියවර ගන්නා බවත්
2.තම සර්වර වල අනවශ්‍ය යල් පැන ගිය දේවල් ඉවත් කිරීමට අලුතින් පිරිසක් බදවා ගන්නා බවත්


කොහොම නමුත් මම හිතන්නේ නැහැ ෆේස්බුක් හි නිර්මාතෘ අයිතිකරු Mark Zuckerberg මහතා මේ සල්ලි ගහ වහලා දමයි කියලා.තවද ඔහු උපයන මුදල අනුව මේ සර්වර වල ධාරිතාව වැඩි කරන්න යන්නේ ඉතා සුලු මුදලක්.



                       

පරිගණකයක් යනු...

පරිගණකයක් යනු දෙනලද දත්තයන් දී ඇති උපදෙස් මත ක්‍රියාකරණ යන්ත්‍රයකි.

ජැකාර්ඩ් රෙදි වියනය (Jacquard loom) මුල්ම ක්‍රමලේඛ කළ හැකි උපකරණ අතරින් එකකි.

පළමු පරිගණක ලෙස එක්                                                  

උපකරණයක් නම් කිරීම අපහසුය. මන්දයත් ‘පරිගණකය’ යන වදන කාලාන්තරයක් තිස්සේ විවිධ අර්ථ කථනවලට හේතු පාදක වී ඇත. මුලින්ම පරිගණකය ලෙස හැඳින්වූ යේ ගණිතමය ගණනය කිරීම සිදු කළ පුද්ගලයන්ය. (මිනිස් පරිගණක - යාන්ත්‍රික ගණක උපකරණවල උදව් ඇතිව)

නූතන පරිගණකයේ ඉතිහාසය ආරම්භ වන්නේ එකිනෙකින් වෙන්වූ තාක්ෂණික ක්‍රම දෙකකිනි - ස්වයංක්‍රීය ගණනය කිරීම හා ක්‍රමලේඛනයේ හැකියාව.                                                          

මුල් කාලීන යාන්ත්‍රික ගණන උපකරණවලට උදාහරණ ලෙස ඇබකසය , සර්පණ රූල, තාර්කික තරු මාලිමාව හා ඇන්ටි කයිතේර (Antikythera) යාන්ත්‍රණය (150- 100 BC කාලයේ) දැක්විය හැකිය. මධ්‍යම යුගවල අවසානයේදී යුරෝපීය ගණිතයේ හා ඉංජිනේරු ශිල්පයේ යළි පිබිදීමක් ඇතිවිය. විල්හෙල්ම් ශිකර්ඩ්ගේ (Wilhelm Schikard) 1623 උපකරණය යුරෝපීය ඉංජිනේරුවන් විසින් නිපද වූ ප්‍රථම යාන්ත්‍රික ගණන යන්ත්‍රය විය. නමුත් මෙම උපකරණ කිසිවක් පරිගණකයේ නූතන අර්ථ දැක්වීමට නොගැළපේ. මන්ද යත් මේවා ක්‍රමලේඛගත කිරීමට නොහැකි බැවිනි.
NASA හි කොලොන්බියා සුපිරි පරිගණකය

ඇලෙක්සැන්ඩ්‍රියාවේ වීරයා (Hero of Alexandriya) (c.10 – 70AD) යාන්ත්‍රික රංග ශාලාවක් තැනූ අතර එහි මිනිත්තු 10ක නාට්‍යයක් ප්‍රදර්ශනය කරන ලදී. එය ක්‍රියාත්මක වූයේ කඹ හා බෙරවලින් යුක්ත වූ සංකීර්ණ පද්ධතියකිනි. යාන්ත්‍රණය කුමන කොටස කුමන වේලාවකදී කුමන ක්‍රියාව සිදුකරයි ද යන්න එමගින් තීරණය විය. මෙය ක්‍රමලේඛ කිරීමේ හැකියාවේ මූලාරම්භය වේ. 1801 දි ජෝසප් මේරි ජෙකාර්ඩ් (Joseph Marie jacquard) ඔහුගේ රෙදි පිළි වියනය වැඩි දියුණු කරන ලදී. එහි සංකීර්ණ රටා ස්වයංක්‍රීයව විවීම සඳහා සිදුරු සහිත කඩදාසි පත්‍රිකා භාවිතා කළ අතර මෙය පරිගණකවල දියුණුවේ වැදගත් පියවරක් වේ. මන්ද යත් වියන රටා නිර්ණය කිරීමට සිදුරු සහිත කාඩ්පත් භාවිතය මුල් කාලීන එහෙත් සීමා සහිත ක්‍රමලේඛ කිරීමේ හැකියාවේ ස්වරූපයකි.

ස්වයංක්‍රීය ගණනයේ හා ක්‍රමලේඛ කිරීමේ හැකියාවේ එකතුවීමේ ප්‍රථම පරිගණකය නිර්මාණයට හේතු විය. 1837 දී පූර්ණ ලෙස ක්‍රමලේඛගත කළ හැකි යාන්ත්‍රික පරිගණකයක් සංකල්පනය කිරීමේ හා සැලසුම් කිරීමේ පළමු වැනියා වීමට චාල්ස් බැබේජ්ට (Charles Babbage) හැකිවිය. ඔහු එය විශ්ලේෂණික එන්ජිම (Analytical Engine) ලෙස හැඳින්විය. සීමාසහිත මූල්‍යමය වත්කම් නිසාත් , නිර්මාණය අළුත්වැඩියා කිරීම් වළක්වා ගැනීමට නොහැකි නිසාත් බැබේජ් ඇත්ත වශයෙන්ම කිසිමදාක ඔහුගේ විශේලේෂණික එන්ජිම නිර්මාණය නොකරන ලදී.

1890 දී පැවැත්වූ එක්සත් ජනපද සංගණනයේ දී හර්මන් හොලේරිත් (Herman Hollerith) සැලසුම් කරන ලද පරිගණනය කිරීමේ ලැයිස්තුගත කිරීමේ හා ලේඛන ගත කිරිමේ සමාගම මගින් නිෂ්පාදනය කරන ලද විශාල පරිමාණ ස්වයංක්‍රීය සිදුරුපත් දත්ත සැකසුම් යන්ත්‍ර භාවිතා කරන ලදී. පසුව IBM බවට පත්වූයේ මෙයයි. 19 වන සියවස අවසානයේදි ප්‍රායෝගික පරිගණක යථාර්තයක් කර ගැනීමට අවශ්‍ය බවට පසුව ඔප්පු වූ තාක්ෂණ ක්‍රම ගණනාවක් මතුවීමට පටන් ගැණුනි. සිදුරු පත් , බූලියන් වීජ ගණිතය , රික්ත නළය හා ‍ටෙලි මුද්‍රකය ( Tele Printer) ඒ අතර වේ.

20 වන සියවස මුල් භාගයේදී බොහොමයක් විද්‍යාත්මක පරිගණක අවශ්‍යතා සපුරා ගත්තේ සීඝ්‍රයෙන් ජනප්‍රිය වූ ප්‍රතිසම පරිගණක (Analog Computers) මගින් වූ අතර ගණනය කිරීම් මත පදනම් වූ යාන්ත්‍රික හෝ විද්‍යුත් මොඩල භාවිතා විය. කෙසේ වුවත් මේවා ක්‍රමලේඛ කළ නොහැකි අතර නවතම ඩිජිටල් පරිගණක මෙන් නොව නිපුණත්වයෙන් හා නිරවද්‍යතාවයෙන් අඩු විය.
පරිගණක ක්‍රියා කරන ආකාරය

සාමාන්‍ය භාවිත පරිගණකයක් ප්‍රධාන කොටස් 4 කින් යුක්ත වේ. එනම්, ගණිතමය හා තාර්කික ඒකක (ALU) , පාලක ඒකකය (CU), මතකය (Memory) සහ ආදාන හා ප්‍රතිදාන උපාංග (එක්කොට I/O ලෙස හඳුන්වන) මෙම කොටස් වයර කාණ්ඩ වලින් බොහෝ විට සෑදී ඇති, “Bus” නමින් හඳුන්වන දත්ත හුවමාරු මාර්ග මගින් අන්තර්ව සම්බන්ධ වී අභ්‍යන්තරව සබැඳී ඇත.

පාලන ඒකකය (CU), ALU, රෙජිස්ටර් හා මූලික I/O (හා මේවා සමග සමීපව සම්බන්ධ කර ඇති අනෙකුත් දෘඩාංග) සමූහයක් ලෙස මධ්‍යම සැකසුම් ඒකකය (CPU) හඳුන්වනු ලැබේ. මුල්කාලීන මධ්‍යම සැකසුම් ඒකක (CPU) එකිනෙකට වෙන්වූ කොටස් කිහිපයකින් යුක්ත වන මුත් 1970 මැද භාගයේ සිට සාමාන්‍යයෙන් මේවා (microprocessor) ලෙස හඳුන්වන තනි සංගෘහිත පරිපථයක් ලෙස දැකිය හැක.





මෙම රූපයෙන් පරිගණක ඉතිහාසයේ සන්ධිස්ථානයක් ඔබට දැක බලා ගත හැකියි